Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    1 පරිච්ඡේදය - සාතන්ගේ වැටීම

    සාතන් යේසුස්වහන්සේට පමණක් පහතින් සිටියාවූ ගෞරවය ලැබුවාවූ දේව දූතයෙක්ව සිටි බව ස්වාමීන්වහන්සේ මට පෙන්වූ සේක. ඔහුගේ පෙනීම පැහැපත්ව අනිකුත් දේව දූතයන් මෙන් සතුටින් පිරි මුහුණක් ඇතිව සිටියේය. මහත් ප්‍රඥාව ඇත්තෙකුගේ මෙන් නළල් තලය උස්ව පළල්ව පිහිටා තිබිණ. ඔහුගේ සිරුර සම්පුර්ණවද, තේජාන්විතවද ගෞරවණීය ආකාරයකින් ද තිබිණ. දෙවියන්වහන්සේ තම පුත්‍රයාණන්ට කථා කොට අපි අපගේ මනුෂ්‍යයා සාදමු යයි කී විට සාතන් දේව පුත්‍රයාණන්ට ඊර්ෂ්‍යා කරන්ට වූ බව මම දුටිමි. මනුෂ්‍යයා මැවීම ගැන තමා සමග කථා කළ යුතුව තිබුණා යයි ඔහු සිතීය. සාතන් ඊර්ෂ්‍යාවෙන්ද, ක්‍රෝධයෙන්ද පූර්ණ විය. දෙවියන්වහන්සේ හැරුණු විට ස්වර්ගයෙහි උසස්ම තැනැත්තා වීමට උසස් ගෞරව ලැබීමට ඔහුට ඕනෑ විය. මේ දක්වා මුළු ස්වර්ගයම එකඟතාවයක දිවය පාලනයකට නතුව සම්පූර්ණ සාමකාමී වාතාවරණයක් ඇතිව තිබිණ.GCSinh 1.1

    දෙවියන්වහන්සේගේ කැමැත්තටද, ක්‍රමවත් පාලනයටද විරුද්ධව කැරලි ගැසීම මහත් පාපයය. මුළු ස්වර්ගයම අරගලයක ස්වභාවයට පත්විය. පාලක දූතයන් යටතේ දේව දූත කණ්ඩායම් ඔබ මොබ ගමන් කෙරිණ. සියලුම දූතයෝ නොසන්සුන් වූහ. දෙවියන්වහන්සේගේ පාලනයට විරුද්ධවද යේසුස්වහන්සේගේ බලයට පටහැනිවද තමාම උසස් කරගැනීම සඳහා සාතන් දේව දූතයන් නොමග යැවීමක නිරත විය. සමහර දූතයෝ සාතන්ට පක්ෂපාතව ඔහුට අනුකම්පාව දැක්වූහ. අනික් දේව දූතයෝ යේසුස්වහන්සේට බල අධිකාරය පැවරීමේ දිව්‍ය ප්‍රඥාව ගැන සතුටුව සාතන්ට විරෝධය පෑහ. දිව්‍ය පාලනය ප්‍රතිසංස්කරණය කරන්ට සිතූ සාතන් සහ ඔහුගේ දූතයෝ යේසුස්වහන්සේට සීමා රහිත බලයක් පැවරීමේ දේව අභිප්‍රාය එනම් සොයා දැනගත නොහැකි දිව්‍ය ප්‍රඥාව කුමක්දැයි සොයා දැනගන්ට උත්සහ කළහ. දේව පුත්‍රයාණන්ගේ ආධිපත්‍යයට විරුද්ධව ඔවුහු කැරලි ගැසූහ. ඔවුන් ගැන තීරණයක් ගන්නා පිණිස සියලුම දූතයන් පියාණන්වහන්සේ ඉදිරියට කැඳවනු ලැබූහ. සාතන්වද ඔහුගේ පාක්ෂිකයන් සියලු දෙනාවද ස්වර්ගයෙන් පහ කිරීමට තීරණය කරන ලදී. එවිට ස්වර්ගයෙහි සටනක් ඇති විය. දේව පුත්‍රයාණන් පරාජය කරන්ට සාතන් සහ ඔහුගේ දූතයන් යත්න දැරූහ. විශ්වාසවන්ත දේව දූතයෝ සටන් කල අතර ජයගෙන සාතන්ව සහ ඔහුගේ දූතයන් ස්වර්ගයෙන් නෙරපා හරින්නට වූහ.GCSinh 1.2

    ඉන්පසු සාතන්ට හැඟී ගියේ තම පවිත්‍රතාවයද මහිමයද සදහටම නැතිව ගිය බවය. පසුතැවිලි වී ස්වර්ගයෙහි තමාට තිබූ තත්ත්වය හෝ ඊට වඩා අඩු තත්තවයකට හෝ පත්ව ආපසු ස්වර්ගයට ඇතුළු වීම සාතන්ගේ පැතුම විය. ස්වර්ගය අනතුරුදායක තත්ත්වයකට පත් කළ යුතු නැත. ඔහුව ස්වර්ගයට ගතහොත් මුළු ස්වර්ගයටම එය අහිතකර විය හැක. පාපය ආරම්භ වූයේ ඔහු තුළය. කැරලි ගැසීමේ බීජ ඔහු තුළ තිබිණ. සාතන් සහ ඔහුගේ අනුගාමිකයෝ පසුතැවිලිව වැලපෙමින් තමන්ව දෙවියන්වහන්සේගේ අනුකම්පාවට භාජනය කරන ලෙස අයැද සිටියහ. නමුත් ඔවුන්ගේ පාපය, වෛරය, ඊර්ෂ්‍යාව ඇති මහත් බැවින් එය මකා දමන්නට දෙවියන්වහන්සේට නොහැකි විය. අවසාන දඬුවම ලබන තෙක් එය ඔවුන් සමග විය යුතුය.GCSinh 1.3

    දෙවියන්වහන්සේගේ අනුකම්පාවට භාජන නොවන බව සම්පුර්ණ ලෙස දැනගත් පසු සාතන්ගේ වෛරය සහ ක්‍රෝධය එළිදකින්ට විය. ඔහු තම දූතයන් රැස්කර සාකච්ඡාවක් පවත්වා උන්වහන්සේගේ ආණ්ඩු ක්‍රමයට විරුද්ධව තවදුරටත් සටන් කිරීමට සැලසුම් කරගත්තේය. ආදම් ඒව දෙදෙනාම ඒදන් උයනෙහි පදිංචි කරවූ අතර ඔවුන් දෙදෙනා විනාශ කිරීමට සැලසුම් කළහ. මෙම යුවල දෙවියන්වහන්සේට කීකරුව සිටින තාක් කල් ඔවුන්ගේ ප්‍රීතිය නැති කළ නොහැක. පළමුව අකීකරු වෙන්ට සැලැස්වූයේ නැතිනම් තම බලය ඔවුන් කෙරෙහි ක්‍රියාත්මක කල නොහැකි බව සාතන් දනී. ඒනිසා සාතන් වෙනත් ස්වරූපයක් දරාගෙන මනුෂ්‍යයා කෙරෙහි විශ්ෂ සැලකිල්ලක් දක්වන බව පෙන්විය යුතුය. දේව වචනයේ සත්‍යවාදී භාවය ගැන සැකයක් ඇති කළ යුතුය. දෙවියන්වහන්සේගේ සොයාගත නොහැකි දේ දැනගැනීමේ කුතුහලයක් ඔවුන් තුළ ඇති කළ යුතුය. සාතන්ද වරදකාරයෙක් වූයේ මේවා සොයන්ට යාම නිසාය. හොඳ නරක දැනගැනීමේ ගහෙන් කන්ට එපා කීවේ මක්නිසාදැයි දැනගත යුතුය.GCSinh 1.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents