Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
මහා අරගලය 1858 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    20 පරිච්ඡේදය - ප්‍රතිසංස්කරණය

    කොතෙක් පීඩා ඇති කළත් ඇදහිලිවන්තයන්ව මරා දැමුවත් දෙවියන්වහන්සේ සෑම පැත්තෙන්ම ජීවමාන් සාක්ෂි දරන්නන්ව නැගිටෙවූ සේක. දේව දූතයෝ තමන්ට භාරව තිබු සේවය ඉටු කළහ. අඳුරු තැන්වල නොපෙනී සිටින අවංක අයව දේව දූතයෝ සොයන්ට වූහ. සිතින් අවංක අය බොරු ගොඩවල් යට වැළලී සිටියහ. දෙවියන්වහන්සේ සාවුල් සොයාගත් ලෙස ඔවුන්වත් සොයාගත් සේක. ක්‍රිස්තියානි යයි කියාගත් අයගේ පාප සහ මුළාවීම් හඬ නගා ප්‍රකාශ වෙන්ට සැලැස්වූ සේක. මාටින් ලූතර්, මෙලැන්ක්තන් සහ තවත් එවැනි අයගේ සිත් තුළ දේව වචනය ගැන පිපාසයක් ඇති කරවන පිණිස දේව දූතයෝ ක්‍රියා කළහ. සතුරා ජල ගැල්මක් ලෙස ඇවිත් තිබිණ. ඔහුට විරුද්ධව ආගමික ශුද්ධභාවය ඔසවා තැබිය යුතුය. මාටින් ලූතර්ව ඒ සඳහා තෝරාගෙන ඇදහිල්ලෙන් වැටී ගියාවූ සභාවට එරෙහිව නැගී සිටිනටත් ඇදහිල්ලෙහි විශ්වාසවන්තව සිටි කිහිප දෙනා ශක්තිමත් කරන්ටත් යොදා ගත් සේක. මාටින් ලුතර් දේව සිත රිදවන්ට බිය වූ කෙනෙකි. ක්‍රියා මගින් දෙවිඳුන්ගේ හොඳ හිත දිනාගන්ට සිතු කෙනෙකි. නමුත් ඔහුගේ ක්‍රියාවලින් ඔහුට සහනයක් නොලැබුණු අතර ස්වර්ගීය ආලෝක රැල්ලක් මගින් ඔහුගේ සිතෙහි වූ ඝන අඳුර පහකරන්ට යෙදිණි. එයින් ඔහුට මගපෙන්වනු ලැබුවේ තමාගේ ධර්මිෂ්ට ක්‍රියා කෙරෙහි විශ්වාසය නොතබා ක්‍රිස්තුස්වහන්සේගේ සිඳ හෙලූ ලෙය කෙරෙහි විශ්වාසයෙන් යුතුව, පාප්වරුන් හෝ පූජකයන් මගින් නොව තමාම ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ වෙතට පැමිණීමටය. මෙම අවබෝධය ලූතර්ට කෙතරම් වටිනා වස්තුවක් වුයේද! දේව වචනය ඔහුට අලුත් දෙයක්ය. සියල්ල වෙනස් විය. බයිබලයේ තිබෙන ලංකාරය ඔහු දැක තිබුණේ නැත. නමුත් ඔහු තුළ එයට භයක් ඇතිව තිබිණ. බයිබලය ඔහුට ජීවිතය බවට පත්විය. එය ඔහුට සතුට හා සැනසිල්ල විය. එය ඔහුට ආශීර්වාදලත් ගුරුවරයා විය. එය අධ්‍යයනය කිරීමෙන් ඔහුව වළක්වන්ට කිසිවකට නුපුළුවන. ඔහු සිටියේ මරණයට භයින්ය. නමුත් ඔහු දේව වචනය ඉගෙනගත් අතර එම භය නොපෙනී යන්ට විය. ඔහු දේව වචනය අගය කර උන්වහන්සේට ප්‍රේම කරන්ට පටන් ගැනිණ. ඔහුම ශුද්ධ ලියවිලි සෙවීමෙහි යෙදිණ. එහි තිබෙන වටිනා වස්තුවලින් තම ජීවිතය පෝෂණය කරගැනිණ. පසුව ඔහු සභාව උදෙසාද දේව වචනය හැදෑරීය. ගැළවීම සඳහා තම මිනිසුන් විශ්වාසය රඳවා සිටි ප්‍රධානීන්ගේ පාප දැක ඔවුන් ගැන අප්‍රියභාවයකට පත්විය. තමාව ආවරණය වී තිබු අඳුරෙන් තවත් බොහෝ දෙනෙකු ආවරණය වී සිටිනවා ඔහුට පෙනෙන්ට විය. ලෝකයේ පාපය දුරලන බැටළු පැටවාණන් වෙතට ඔවුන්ව යොමු කරන්ට අවස්ථා පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින්ට විය. පාප් සභාවේ වැරදි සහ පාපවලට විරුද්ධව ඔහු තම හඬ ඇසෙන්ට සලස්වමින් තමා මෙන්ම ක්‍රියාවලින් ගැලවීම ලබන්ට බලාපොරොත්තුව සිටි දස දහස් ගණන් ජනතාව වෙලාගෙන තිබෙන අඳුර තුරන් වෙනවා දකින්ට නොඉවසිල්ලෙන් සිටින්ට විය. දේව අනුග්‍රහයේ අනගි වස්තුද යේසුස්වහන්සේ තුළ තිබෙන ගැළවීමේ උතුම්කමද ගැන ඔවුන්ගේ සිත් විවෘත කරන්ට තමාට හැකියාව ලැබෙන්නේ කෙසේ දැයි ඔහු උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටින්ට විය. මාටින් ලුතර් මහත් කැපවීමකින් යුතුව තමාගේ හඬ නගා, සභා ප්‍රධානීන්ගේ පාපිෂ්ඨ ක්‍රියාවන් ගැන ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් කථා කරන්ට විය. පූජකයන්ගේ විරුද්ධවදික ඉදිරියේදී ඔහුගේ දිරිය අඩු නොවී දෙවියන්වහන්සේගේ බලවත් හස්තයෙහි රඳා සිටිමින් ජයග්‍රහණය සඳහා විශ්වාසයෙන් ක්‍රියා කළේය. සටන ඔහු ඉදිරියට ගෙන යන අතර ඔහුට විරුද්ධව පූජකයන්ගේ කෝපය උත්සන්න විය. ඔවුන් වැරදි හදාගන්ට කැමති වූයේ නැත. ඔවුන්ට උවමනා කළේ පාපී සහ සැප පහසු ජීවිත ගත කිරීමටය. සභාව අඳුරේ තබාගැනීම ඔවුන්ගේ ප්‍රාර්ථනාව වූහ. GCSinh 42.1

    ලූතර් කැපවීමක් ඇති, උනන්දු, භය නැතිව පාපය පෙන්වා දෙන සත්‍යය නිර්භීත ලෙස ඉදිරිපත් කරන කෙනෙක් බව මම දුටිමි. ඔහු දුෂ්ට මිනිසුන්ව හෝ යක්ෂයන්ව ගණන් ගත්තේ නැත. ඔවුන්ට වඩා බලවත් කෙනෙක් තමා සමග සිටින බව ඔහුගේ විශ්වාසය විය. පමණට වඩා වේගයෙන් ඉදිරියට යන ගතියක් ඔහු සතුව තිබිණ. ඔහුගේ පිළිවෙලට වඩා වෙනස් ගුණාංග තිබෙන මෙලැන්ක්තන්ව දෙවියන්වහන්සේ කැඳවූ සේක. මෙලැන්ක්තන් සටනට නොයන, භය ඇති, සීරුවෙන් ක්‍රියාකරන මහත් ඉවසීමක් සතුව සිටි කෙනෙකි. ඔහු දෙවියන්වහන්සේගෙන් බොහෝ ප්‍රේමලත් කෙනෙකි. ශුද්ධ ලියවිලි ගැන හොඳ දැනුමක් ඔහුට තිබුණු අතර යම් දේවල් විමසා බැලීමට හැකි උසස් බුද්ධියක් ඔහු සතුව තිබිණ. දෙවියන්වහන්සේගේ සේවය ගැන ලුතර්ට තිබුණ ආශාව හා සමානවම ආශාවන් ඔහු තුළ තිබිණ. මේ දෙදෙනාගේ සිත් දෙවියන්වහන්සේ එකට ගැට ගසා තිබු අතර කිසිදා වෙන් කල නොහැකි මිත්‍රත්වයකින් ඔවුහු බැඳී සිටියහ. මෙලැන්ක්තන් භයව දුර්වලව සිටි විට ලුතර් ඔහුට ශක්තියක් විය.ලුතර් තාමගේ වේගවත්කම හා නිර්භීතභාවය අනුව ක්‍රියා කළා නම් සමහර අවස්ථාවල සේවයට බලවත් පාඩු ඇතිවන්ට තිබුණි. නමුත් මෙලැන්ක්තන්ගේ දුර දිග බලා ක්‍රියා කිරීමේ හැකියාව නිසා ඔහු ලුතර්ට මහත් උපකාරයක් විය. ශුභාරංචි සේවය ඉදිරියට ගෙනයාම සඳහා මේ දෙදෙනාව එකතු කිරීම ගැනවූ දිව්‍ය ප්‍රඥාව මට පෙන්වීය. මගේ අවධානය ආපස්සට අපොස්තුළුවරුන්ගේ කාලය වෙතට ගෙන ගොස් ලුතර් සහ මෙලැන්ක්තන් වැනි ප්‍රතිවිරුද්ධ ගුණාංග ඇතිව සිටි අපෝස්තුළු පේත්‍රස් සහ යොහාන් යන දෙදෙනාව මට පෙන්වූ සේක. පේත්‍රස් කතාවෙහි චතුර සේවයෙහි ක්‍රියාවෙහි වේගවත් කෙනෙක්ව සිටියේය. සමහර අවස්ථාවල සතුරන් නිහඬ කිරීමට එයද අවශ්‍ය විය. යොහාන් තුමා සිත් දිනාගනා කෙනෙක් විය. ඔහු තම ඉවසීම දරාගැනීමේ හැකියාව සහ ගැඹුරු වූ කැපවීම කරණකොටගෙන බොහෝ දෙනෙකුව දෙවියන්වහන්සේගේ සේවය සඳහා දිනාගන්ට යෙදිණ.GCSinh 43.1

    ප්‍රතිසංස්කරණය ඉදිරියට ගෙන යාමටත් පාප් සභාවේ පාප අපරාධවලට විරුද්ධව හඬ නගන්ටත් දෙවියන්වහන්සේ තව තවත් මිනිසුන්ව නැගිටවූ සේක. සාතන් මෙවන් අයව නසන්ට ප්‍රයත්න දැරූ නමුත් දෙවියන්වහන්සේ ඒ අය වටා ආරක්ෂක වැටවල් බැඳ තැබූ සේක. තමන් දරු සාක්ෂියේ ජීවමාන බව දක්වන පිණිස සමහර අය තම ලේවලින්ම එයට මුද්‍රා තැබූහ. නමුත් ලුතර් සහ මෙලැන්ක්තන් පාප්වරුන්ගේද, පූජකයන්ගේද, රජවරුන්ගේද පාප අපරාධවලට විරුද්ධව තම හඬ ඇසෙන්ට සලස්වා දෙවියන්වහන්සේව ගෞරවයට පත් කළහ. ඔවුහු ලුතර්ගේ හඬ ඉදිරියේ වෙව්ලන්ට වූහ. තෝරාගනු ලැබූ මිනිසුන් මගින් ආත්මික අඳුර තුළට ආලෝක රශ්මි විහිදී යන්නට වූ අතර බොහෝ ඇය ප්‍රීතියෙන් ආලෝකය පිළිගෙන එහි ගමන් කරන්ට වූහ. එක සාක්ෂිකරුවෙකු මරා දැමු විට ඒ වෙනුවට දෙදෙනෙකු හෝ ඊට වඩා කීප දෙනෙකු නැගිටුවා දෙන්ට යෙදිණ. GCSinh 43.2

    සාතන් සෑහීමකට පත්වුයේ නැත. ඔහුට බලය තිබුනේ ශරීරය කෙරෙහි පමණය. විශ්වාසිකයන්ගේ ඇදහිල්ල සහ බලාපොරොත්තු තම වසඟයට ගන්ට ඔහුට නොහැකි විය. මරණයේදී පවා ඔවුහු මළවුන්ගෙන් නැගිටීමේ බලාපොරොත්තු තුළ ජයග්‍රහණය ලැබූහ. ඔවුන් සතුව සාමාන්‍ය ශක්තියට වඩා වැඩි දෙයක් තිබිණ. ඔවුහු අවදිව සිටියහ. යුද්ධායුධ කට්ටලය පැළඳ ගෙන සිටියහ. සටනට සුදානම්ව සිටියහ. ආත්මික සතුරන්ට විරුද්ධව පමණක් නොව මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටි සාතන්ටද විරුද්ධවය. සතුරාගේ විරුදාවලිය වුයේ ‘ ඇදහිල්ල අත්හැරපල්ලා. නැතහොත් මැරියල්ලා’ යනුවෙන්ය. එකල සිටි ක්‍රිස්තියානින් ස්වල්ප දෙන දෙවියන්වහන්සේ තුළ බලයෙන් ශක්තිමත්ව එම ස්වල්ප දෙනා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා අනර්ඝව සිටියහ. සභාව පීඩාවන්ට පත්ව සිටි අවධියේ ඇදහිලිවන්තයෝ ප්‍රේමයෙන් එකමුතුවී සිටියහ. දෙවියන්වහන්සේ තුළ බලවත්ව සිටියහ. පව්කරුවන්ට සභාවට අතුල්වෙන්ට ඉඩ නොදුන් අතර මුළාවුවන් හා මුළා කරවන්නන්ද ඇතුල් නොවූහ. ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සියල්ල ත්‍යාග කරන්ට කැමති වුවන්ට පමණක්ය උන්වහන්සේගේ ගෝලයන් විය හැක්කේ. ඒ අය දිළිඳු වන්නටද යටහත් පහත් වන්නටද ක්‍රිස්තුස්වහන්සේ මෙන් වූ අය වන්නටද කැමැත්තෝය.GCSinh 43.3

    ______________________________________
    කියවා බලන්න: ලුක් 22: 61-62, යොහාන් 18:10, ක්‍රියා පොතේ 3 සහ 4 පරිච්ඡේද: එන්සයික්ලොපිඩ් පොතේ ප්‍රතිසංස්කරණය.
    GCSinh 43.4